Saturday, April 12, 2014

උපැස් යුවලක් අවශ්‍යයි.


උපැස් යුවලක් අවශ්‍යයි.


ඈ  
මා අසලම සිටින විට 
මම 
මගේ දෑසින් ඈ දෙස බැලුවෙමි
සිතින් බොහෝ දෑ සිතුවෙමි 
බොහෝ දෑ කළෙමි 
ඈ 
මා අසල නොමැති විට 
මම 
සිතින් ඈ දෙස බැලුවෙමි 
අගේ රුව මැකේයැයි බියෙන්
මගේ සිත ඇගෙන් ඉවතට නොයයි
බොහෝ දෑ සිතීමට
සිත අවනත නැත 

බොහෝ දෑ කිරීමට
සිත එක්තැන් නැත

බොහොම වෙහෙසයි
එහෙත්   
මගේ සිත 
පැරණි මතකයේ සුව විදිමින් 
තවමත් සිනාසෙයි   
බොහෝ කලකින්
අගේ රුව නොදුටු 
මගේ දෑස 
දැන් 
දුර්වලය 
සිතේ රුව මැකේ යැයි බියෙන් 
වෙනත් දෙයක් දෙස බැලීමට 
මගේ සිත
දෑසට ඉඩ නොදෙයි  
අගේ රුව මතුකර ගැනීමට  
උපැස් යුවලක් අවශ්‍යයි 

No comments:

Post a Comment