Learn And Share
Wednesday, February 11, 2015
Saturday, April 12, 2014
උපැස් යුවලක් අවශ්‍යයි.
උපැස් යුවලක් අවශ්‍යයි.
ඈ
මා අසලම සිටින විට
මම
මගේ දෑසින් ඈ දෙස බැලුවෙමි
සිතින් බොහෝ දෑ සිතුවෙමි
බොහෝ දෑ කළෙමි
ඈ
මා අසල නොමැති විට
මම
සිතින් ඈ දෙස බැලුවෙමි
අගේ රුව මැකේයැයි බියෙන්
මගේ සිත ඇගෙන් ඉවතට නොයයි
බොහෝ දෑ සිතීමට
සිත අවනත නැත
බොහෝ දෑ කිරීමට
සිත එක්තැන් නැත
බොහොම වෙහෙසයි
එහෙත්
මගේ සිත
පැරණි මතකයේ සුව විදිමින්
තවමත් සිනාසෙයි
බොහෝ කලකින්
අගේ රුව නොදුටු
මගේ දෑස
දැන්
දුර්වලය
සිතේ රුව මැකේ යැයි බියෙන්
වෙනත් දෙයක් දෙස බැලීමට
මගේ සිත
දෑසට ඉඩ නොදෙයි
අගේ රුව මතුකර ගැනීමට
උපැස් යුවලක් අවශ්‍යයි
Saturday, June 15, 2013
මාදු ගගේ සුන්දරත්වය
හෙක්ටයාර් 770 ක භුමි භාගයක් වසා පැතිරෙන මාදු ගග
පරිවාර දුපත් 64 කින් පමණ යුක්තය ඉන් දුපත් 17 ක් ස්ථිර දුපත් වශයෙන් හදුනාගෙන ඇත.
මාදුගග ආශ්‍රිතව ජිවත්වන සත්ව විශේෂ පිලිබදව සලකා බැලීමේදී මාදු ගගට හිමිවන්නේ
සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ ජිවත්වන 607 ක් පමණ වූ පක්ෂි විශේෂ අතරින් පක්ෂි විශේෂ
248 ක් ම තම වාසස්ථාන කරගෙන ඇත්තේ මාදු ගගයි. යුරෝපිය රටවල ශීතකාල වලදී ලංකාවට
පැමිණෙන සංචාරක පක්ෂි විශේෂ 111 කගේ නවාතැන්පල වන්නේ මේ ඇති රමණිය මාදුගගයි. ශ්‍රී
ලංකාවේ ජිවත්වන මිරිදිය මත්ස්‍ය විශේෂ 78න් 70 ක්ම සොදුරු මාදු ගංගාවේ ජිවත් වෙයි.
මේ අතර ඉස්සන් සහ කකුළුවන් විශේෂද රාශියකි. එමෙන්ම මේ දුපත් ආශ්‍රිතව ජිවත්වන සමනල
විශේෂ 50 ක් පමණ හදුනාගෙන ඇති අතර ගොළුබෙල්ලන් විශේෂ 25 ක් දක්නට ලැබෙයි.
හෙක්ටයාර් 915 ක මුළු වපසරියක් ඇති මෙම භුමි
භාගයේ ඇති ශාක විශේෂයන්ද ඉතාමත් විශේෂ ස්ථානයක් ගනියි. ඒ අතරින් කඩොලාන වලට
හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලංකාවේ මෙතෙක් වාර්තාවන කඩොලාන විශේෂ 24 න් 14ක් ම
මාදු ගග ආශ්‍රිතව දක්නට ලැබීමත් ඉතාමත් දුර්ලභ කඩොලාන විශේෂයක් වන රතමිල්ල ( lumnitzera
littoriya ) ශාකය සුලබ
වශයෙන් දැකගන්නට ලැබීමද මෙහි ඇති විශේෂත්වයකි. එමන්ම ගංගා කලපු මෝය ආශ්‍රිත ලවන
මිශ්‍ර පසෙහි ඉව්රෙහි පදුරු වශයෙන් වැවෙන තාල වර්ගයට අයත් එකම කඩොලාන විශේෂය වන
ගිං පොල් ශාකයද මෙහි දක්නට ලැබෙයි.
මාදු ගග ආශ්‍රිතව ජිවත්වන සොදුරු මිනිසුන්ගේ සරල
ගැමි දිවියද මාදු ගගටම අවේනික වුවකි. බොහෝ දෙනෙක් ධිවර කර්මාන්තය ආශ්‍රිතව තම
ජීවිකාව ගත කරයි. තවත් බොහෝ දෙනෙක් කුරුදු නිෂ්පාදන වලින් තම ජීවිකාව ගෙවයි. අක්කර
දෙකේ දුපතෙහි තම දරුවන් තිදෙනාත් සමග ජිවත්වන ඩබ්ලිව්.කරුණාවතී තම ජීවිකාව ගැන
මෙසේ අදහස් දැක්විය
එමෙන්ම මේ ගංගාව ආශ්‍රිතව තම ජීවිකාව ගෙවන තවත්
පිරිසකි බෝට්ටුවකින් ගංගාව වටා සංචාරයක් රැගෙන යන පිරිස. ඔවුන් අතරින් අවුරුදු 20
ක් වයසැති අශාන් ඩිල්ෂාන් මෙසේ අදහස් දැක්විය
“ මම අට වසරට විතර තමයි පාසල් ගියේ ආර්ථික ප්‍රශ්න
නිසා පාසැල ගමන නැවතුනාට පස්සේ මේ රස්සාවට ආවේ. එක ගමනකට රුපියල් 400 ක් විතර
ගන්නවා. හැමදාමත් කට්ටිය එන්නේ නෑ පෝය දවසට වගේ තමයි ඉතින් ටික දෙනෙක් එන්නේ ගොඩක්
අය මේ ගංගාවේ තියෙන දේවල් ගැන දන්නේ නෑ වගෙයි. ගොඩක් අඩුවෙන් තම එන්නේ”
මෙවන්
සොදුරු පරිසරයක් මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම අප යුතුකමක් මෙන්ම
වගකීමකි.
Sunday, June 2, 2013
ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය
හදුන්
දිවියන්, කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂින්ද
මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබෙයි. එමෙන්ම වදවියාමේ තර්ජනයට ලක්ව ඇති
විල්මුවා ආරක්ෂා කර ගැනීම සදහාත්, එම සතුන් බෝකිරීම සදහාත් විශේෂ ව්‍යාපෘතියක් වසර
දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වෙයි.
වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානය පුරාම
තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිට්ටඹුව නගරයට
ආසන්නව පැවතුනද විශාල උෂ්ණත්ව පරාසයක් වර්ෂය පුරා දැකගත හැක. ප්‍රධාන වශයෙන් නිරිත
දිග මෝසම් වැසි ලබන උද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි ලැබේ.
උද්‍යානය
තුළ ඇති තෘණ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි එකම
තෘණ භූමියද වේ.
මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට
අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය. හොර ( Dipterocarpus
zeylanicus
), කැකුණ (Canariumzeylanicum ), ගොඩපර (Dilleniaretusa ), දියපර (Wormiyatriquetra ), කිතුල් (Caryotaurens ), බට (Ochlandrastridula ), නැදුන් (Pericopsismooniana ),ඇටබ (Mangiferazeylanicus ), බෝ (Ficusriligiosa ), රුක් (Hoescieldiairyaghedhi ), අන්කෙන්ද (Acronychiaaltilis ), මිල්ල (Vitexpinnata ), මුණමල් (Mimusopselengi ), දෙල් (Artocarpusaltilis ), වෙලංග (Pterospermuscanesens ) වැනි ශාක උද්‍යානයේ බහුලව දක්නට ලැබේ.
උද්‍යානයේ ප්‍රධාන වැල් විශේෂ ලෙස හිඹුටු වැල් (Salaciareticulata), කොරස වැල් (Tetracerasarmentosa), මා වේවැල් (Calamuszeylanicus), පෝට වැල් (Pothosscandens) සහ පුස් වැල් (Entadaphaseoloides) දැකිය හැකිය.
උද්‍යානය
ආශ්‍රිතව පක්ෂි විශේෂද බහුලව හමුවේ. ඒ අතර අළු කෑදැත්තා (Ocyeerosgingalensis ), ශ්‍රී ලංකා ගිරා මලිත්තා (Loriculusberyllinus ), හිස කළු කොණ්ඩයා (Pyenonotusmelanicterus ), ශ්‍රී ලංකා අළු ගිරවා (Psittaculacalthropae ), ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා (Pellorneumfuscocapillum ), ආසියානු කොහා (Eudynamysscolopacea ), ඇටි කුකුළා (Centropussinensis ) දැකිය හැකිය.
මෙහි ජලාශයේ මගුරා (Clariasbrachysoma ), කනයා (labeodussumieri), කොට පෙතියා (Puntiusfilamentosus) සහ අහිරාවා (Lepidocephalichthysthermalis) යන මත්ස්‍ය විශේෂද සිටිති.
Saturday, June 1, 2013
ඇතුගලයන් නොදුටු මහසමයම
මහසමයම දකින්නට වරම් ලැබුනේ කිහිපදෙනෙකුට පමණි. ඒ අතරිනුත් මහඇදුරිදු ඇතුගලයන්ට පින්සිදු වන්නට මහසමයම පිනට බලන්නට වරම් ලදිමි. මහසොහොන් උපත වටා ගෙතුණු මිත්‍යාවන් රැසකි. ඔබද මමද නොදුටු මහසෝනා වේදිකාගත වී හමාරය. පෙර නොවිදි නෙළුම්මල් සුවදක් නෙලුම් පොකුණෙන් දැනිණ. මහසමයම ආරම්භවීමට සුදානම්ය.
පෙලින් පෙළ ගලාගිය මහසමයම නිමාවනතුරුම එක හුස්මට බලු මා එහි චමත්කාරය වින්දේ නිවසට පැමිණි පසුය. කල්යත්ම මහසමයම වටා ගෙතුණු බුද්ධිමතුන්ගේ විචාර කියවීමට හැකිවිණි. ඇතැම් විචාරයන් හමුවේ මහසමයම ගැන අමුතු කතා දැකගත හැකිවිය. ඇතැම් ඒවා දේශපාලනීකරණය වී ඇත. අමුතු කතා රැසකි. කතාවේ රසය විදි මට එය නොදැනුනේ මන්ද මටම සිතුනි. ඒ මගේ නුගත්කම විය හැකිද? රසය විද සතුටු වූ සිත පැවසුයේ මෙවැනිම නිර්මාණයක් යලි දැකීමට ඇස වාසනාවන්ත වේවා යනුවෙන් පමණි. ඇතුගල නොදුටු මහ සමයමක් බොහෝදෙනා දැක ඇති බව මට වැටහුණි. මේ කතන්දර වලින් මහසමයමේ සුන්දරත්වය බිදී යත්දැයි බියක් ඇතිවෙයි. කෙසේ නමුත් ඇතුගලයන් තවත් නිර්මාණයකට පිබුරුපත් තනන්නේ නම් එය ජාතියට තවත් සම්පතක පැමිණීමකි.
පෙලින් පෙළ ගලාගිය මහසමයම නිමාවනතුරුම එක හුස්මට බලු මා එහි චමත්කාරය වින්දේ නිවසට පැමිණි පසුය. කල්යත්ම මහසමයම වටා ගෙතුණු බුද්ධිමතුන්ගේ විචාර කියවීමට හැකිවිණි. ඇතැම් විචාරයන් හමුවේ මහසමයම ගැන අමුතු කතා දැකගත හැකිවිය. ඇතැම් ඒවා දේශපාලනීකරණය වී ඇත. අමුතු කතා රැසකි. කතාවේ රසය විදි මට එය නොදැනුනේ මන්ද මටම සිතුනි. ඒ මගේ නුගත්කම විය හැකිද? රසය විද සතුටු වූ සිත පැවසුයේ මෙවැනිම නිර්මාණයක් යලි දැකීමට ඇස වාසනාවන්ත වේවා යනුවෙන් පමණි. ඇතුගල නොදුටු මහ සමයමක් බොහෝදෙනා දැක ඇති බව මට වැටහුණි. මේ කතන්දර වලින් මහසමයමේ සුන්දරත්වය බිදී යත්දැයි බියක් ඇතිවෙයි. කෙසේ නමුත් ඇතුගලයන් තවත් නිර්මාණයකට පිබුරුපත් තනන්නේ නම් එය ජාතියට තවත් සම්පතක පැමිණීමකි.
Subscribe to:
Posts (Atom)




