Saturday, June 1, 2013

ඇතුගලයන් නොදුටු මහසමයම

මහසමයම දකින්නට වරම් ලැබුනේ කිහිපදෙනෙකුට පමණි. ඒ අතරිනුත් මහඇදුරිදු ඇතුගලයන්ට පින්සිදු වන්නට මහසමයම පිනට බලන්නට වරම් ලදිමි. මහසොහොන් උපත වටා ගෙතුණු මිත්‍යාවන් රැසකි. ඔබද මමද නොදුටු මහසෝනා වේදිකාගත වී හමාරය. පෙර නොවිදි නෙළුම්මල් සුවදක් නෙලුම් පොකුණෙන් දැනිණ. මහසමයම ආරම්භවීමට සුදානම්ය.

පෙලින් පෙළ ගලාගිය මහසමයම නිමාවනතුරුම එක හුස්මට බලු මා එහි චමත්කාරය වින්දේ නිවසට පැමිණි පසුය. කල්යත්ම මහසමයම වටා ගෙතුණු බුද්ධිමතුන්ගේ විචාර කියවීමට හැකිවිණි. ඇතැම් විචාරයන් හමුවේ මහසමයම ගැන අමුතු කතා දැකගත හැකිවිය. ඇතැම් ඒවා දේශපාලනීකරණය වී ඇත. අමුතු කතා රැසකි. කතාවේ රසය විදි මට එය නොදැනුනේ මන්ද මටම සිතුනි. ඒ මගේ නුගත්කම විය හැකිද? රසය විද සතුටු වූ සිත පැවසුයේ මෙවැනිම නිර්මාණයක් යලි දැකීමට ඇස වාසනාවන්ත වේවා යනුවෙන් පමණි. ඇතුගල නොදුටු මහ සමයමක් බොහෝදෙනා දැක ඇති බව මට වැටහුණි. මේ කතන්දර වලින් මහසමයමේ සුන්දරත්වය බිදී යත්දැයි බියක් ඇතිවෙයි. කෙසේ නමුත් ඇතුගලයන් තවත් නිර්මාණයකට පිබුරුපත් තනන්නේ නම් එය ජාතියට තවත් සම්පතක පැමිණීමකි.




1 comment:

  1. woww niyamayi aiye ma samaya gana apuru chithryk mawuna athtma.. hbi twa tiakak vistre diga wadi karnna apuruyi digata liynna.. :)

    ReplyDelete